නිකලස් පූරන්ට 20-20 තරග 4ක් අහිමි වේ

නොවැ 13, 2019

    පන්දුව පළඳු කිරීමේ චෝදනාව මත බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන්ට තරග 4ක තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

    ඇෆ්ගනිස්ථානය සමඟ පැවති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී ඔහු අයි.සී.සී. විනය නීති උල්ලංඝනය කර ඇති බව සඳහන්. නිකලස් පූරන්ට පන්දුව පළඳු කිරීමේ චෝදනා එල්ලවී ඇති අතර, අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නීති සංග්‍රහයට අනුව එය තෙවැනි කාණ්ඩයේ වරදක්. කොදෙව් ක්‍රීඩක නිකලස් පූරන් වරද පිළිගෙන තිබේ. ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහභාගිවන ඉදිරි 20-20 තරග 4 ඔහුට අහිමි වේ. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකලස් පූරන්ට එරෙහිව දඬුවම් ලකුණු 5ක් පැනවීමට ද පියවර ගෙන ඇති බව වාර්තාවේ.

    හෙට ආරම්භ වන ඉන්දියා-බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම විරාත් කෝලිගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තාවේ. බංග්ලාදේශය සමඟ පැවති 20-20 ක්‍රිකට් තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේ රෝහිත් ශර්මා.

    Last modified on බදාදා, 13 නොවැම්බර් 2019 20:29

    Latest News