දැක්මක් සහිත නායකයෙක් තෝරා ගැනිම තමයි මේ අවස්ථාවේ කළ යුත්තේ; නිශාන්ත හෙට්ටිආරච්චි

නොවැ 13, 2019

    රැකගත් ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ජනාධිපතිවරණයේ දී ඡන්දදායකයින් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව විශ්වවිද්‍යාල විද්වතුන් කිහිප දෙනෙකු අවධාරණය කරයි.

    ජනාධිපතිවරණය පිළිබඳ කළ සමීක්‍ෂණයකට අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන බව වාර්තා වී ඇති බව ද කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් සඳහන් කළේය. එහිදී අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිශාන්ත හෙට්ටිආරච්චි මහතා....

    “විශේෂයෙන් බුද්ධිමත් ඡන්දදායකයා තීරණය කරන්න ඕනේ රටප්‍රජාතන්ත්‍රවාදීව ශක්තිමත් කිරීම, ආර්ථික සංවර්ධනය, සමාජ සංවර්ධනය ඇති කරන්න පුලුවන්, ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් යටතේ රට මෙහෙයවන්න පුලුවන්, ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්කරගන්න පුලුවන් දැක්මක් සහිත නායකයෙක් තෝරා ගැනිම තමයි මේ අවස්ථාවේ කළ යුත්තේ. අපිට යන්න තියෙනවා 21 වැනි ශතවර්ෂයේ ලෝකයත් එක්ක ගමනක්. ඒ ගමන තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක. ආර්ථික සංවර්ධනයත් එක්ක. වැඩවසම්, ග්‍රෝත්‍රික සමාජයට අපි යා යුතුද කියන එක අපි කල්පනා කරලා බලන්න ඕනේ“ යැයි නිශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසීය.

    Latest News