පැහැදිලිවම සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරනවා; ජෝතිෂ්‍යවේදීන්

නොවැ 13, 2019

    ජනාධිපතිවරණ වේදිකාවේ නොයෙකුත් කණ්ඩායම්, මේ දිනවල විවිධ අදහස් ඉදිරිපත් කරනවා.

    කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ජෝතිෂ්‍යවේදීන් පිරිසක් ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් පළ කළේය. එහිදී අදහස් දැක්වූ ඒ.ජේ. සමරකෝන් මහතා...


    “මහින්ද මහත්තයා හමුදාවට පඩි වැඩි කළේ හමුදා නිලධාරීන්ට 65%කුත්, සෙබළුන්ට 15%කුත්. ඉදිරි කාලයේ ඇතිවන පාලකයා ගොඩක් දුරට සාමාන්‍ය ජනතාවට වැඩ කරන පාලකයෙක් වෙනවා. මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්‍ෂකයන්ගෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා උච්චික ලග්නයේ. රාහු මහ දසාවේ යන්නේ. උච්චික ලග්නයේ අය අවිශ්වාසයෙන් ජිවත් වෙන්නේ. උපායශිලි කුමන්ත්‍රණ කාරයෙක් වෙනවා. මීට පෙර හිටියා උච්චික ලග්නයේ පාලකයෝ දෙදෙනෙක්. ඒ දෙන්නා කළේ අනෙක් අය ජවා උගුල් අටවපු එක. ග්‍රහචාරය අනුව සුභ පාලකයෙක් එනවා. ප්‍රේමදාස මහත්තයා මිථුන ලග්නයේ කෙනෙක්. සතුරන් පරාජය කිරිමේ බලයක් එයාගේ කේන්ද්‍රයේ තියෙනවා. ඡන්දේ දෙන්නේ නැහැ කියන කෙනත් එයාට ඡන්දය දෙනවා“ යැයි සමරකෝන් මහතා පැවසීය.

    ජනක මාධව නවරත්න....

    Madawa px 900 13 11 19

    “පැහැදිලිවම කියන්න පුලුවන් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරන බව. ගෝඨාභය මහත්තයට ජයග්‍රහණය කරන්න ලොකු අපහසුවක් තියෙනවා. මේවගේ තනතුරකට කෙනෙක් සුදුසුද, නැද්ද කියන එක. සජිත් මහත්තයාගේ කේන්ද්‍ර යෙන් රටට නායකයෙක් වෙන්න සුදුසු දේවල් පේනවා. ඔහු කෙලින් වැඩ කරන කෙනෙක්. ජනාධිපතිවරණයෙදිත් ඔහු බාල උපක්‍රම පාවිච්චි කරන කෙනෙක් නොවන බව ජනක මාධ්‍ය නවරත්න මහතා පැවසීය.

    Last modified on බදාදා, 13 නොවැම්බර් 2019 21:15

    Latest News