කේරල ගංජා කිලෝ 105ක් සමඟ 2ක් දැලේ

නොවැ 12, 2019

    යාපනය-මන්නාරම මාර්ගයේ මුලන්කාවිල් ප්‍රදේශයේදී කේරල ගංජා කිලෝ 105ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම වැටලීම සිදුකර ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබුණු තොරතුරක් මතයි. අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ වයස අවුරුදු 17ක් වන අතර, ඔහු මුලන්කාවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනෙක් සැකකරු අවුරුදු 36ක් වන අතර පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

    Latest News