පුරවැසිභාවය ගැන සෑහීමකට පත්විය හැකි පිළිතුරක් ලැබී නැහැ; ඉඟුරුවත්තේ සුමංගල හිමි

නොවැ 12, 2019

    පුරවැසිභාවය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් සෑහීමකට පත්විය හැකි පිළිතුරක් ලැබී නැතැයි, උපවාසයේ නිරත ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් පවසයි.

    “මේ රටේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය අගයන සමස්ත ලාංකීය ජනතාවගේ අයිතීන් ආරක්‍ෂා කිරීමේදී මමත් ඡන්දදායකයෙක්, පුරවැසියෙක් වශයෙන් මේ අවස්ථාවේදී සිහිපත් කරන්න ඕනේ වැදගත් කාරණයක්. මම ඊයේ දහවල් 12.00න් පස්සේ කිසිම ආහාරයක් ගන්නේ නැහැ කියලා තීරණය කළා. ඒ අතර ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ පුරවැසිභාවය පිළිබඳව ප්‍රශ්න කළා. නමුත් තාම එතුමා ලාංකීය පුරවැසියෙක් ද? අමෙරිකාවේ පුරවැසියෙක් ද කියලා අපිට පිළිතුරු ලැබිලා නැහැ. ඔහු ලංකාවේ පුරවැසියෙක් නොවන්නේ නම් මේ රටේ එක්කෝටි පනස් ලක්‍ෂයක් ඡන්ද දායකයන්ටත් විශාලා බොරුවක් කරමින් ජනමතය විකෘති කිරීම සඳහා බරපතල ව්‍යාපාරයක් ඔහුගේ කණ්ඩායම ගෙනියනවා.

    ඔහු ශුද්ධ අනාගත නායකයෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මා මේ ඉදිරිපත් කර තිබෙන අභියෝගය බාරගෙන මේ ස්ථානයට ඇවිල්ලා හෝ අමෙරිකානු තානාපති කාර්යාලය හරහා හෝ තමන් මම අමෙරිකාවේ පුරවැසිභාවය අහෝසි කරගත්තා කියන කාරණයට අදාළ ලියකියවිලි හෝ ඔහු ලංකාවේ සැබෑ පුරවැසියෙකු කියන කාරණය හෝ අපිට ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම ඔහු බයිබලය තම අත තබා දිවුරුවාම ඔහු බෞද්ධයෙක් නොවෙයි. ඔහු ක්‍රිස්ත්‍රියානි භක්තිකය වැළඳගත්තා වු කෙනෙක් බවට පත්වෙනවා. මේ රටේ 70%ක් වූ බෞද්ධ ජනතාවට විශාල අසාධාරණයක් වෙන්නේ. අන්‍ය ආගමික අයටත් විශාල බොරුවක් මේ කරන්නේ. අද ඉඳලා වතුර පොදක්වත් පානය කරන්නේ නැහැ. මෙතන එතුමා තමන්ගේ සත්‍ය ප්‍රකාශ නොකළොත් මේ ස්ථානයේ මගේ ජිවිතය මං පුජා කරන්න සූදානම් වෙලා තමයි මේ තීරණයට බැස්සේ. සමස්ත ලාංකීය ජනතාවට මගේ ජිවිතය පුජා කරනවා. ගෝඨාභය රාජපක්‍ෂ මේ කාරණයට සම්පූර්ණයෙන් වගකිව යුතුව තිබෙනවා“ යැයි පුජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමි කියා සිටියේය.

    Last modified on අඟහරුවාදා, 12 නොවැම්බර් 2019 16:47

    Latest News