පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

නොවැ 12, 2019

    දිවයිනේ බොහෝ පළාත්වල අද සවස වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර සහ කලුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමිටර් සියයක පමණ තරමක තද වර්ෂාපතනයක් ද ඇති විය හැකි බව නිවේදනයේ දැක්වේ. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල උදෑසන කාලයේදී ඇතැම් ස්ථානවල මීදුම් තත්වයක් බලාපොරොත්තු විය හැක. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී. පුත්තලම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනිත් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැක. එවිට එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝ මීටර 70 සිට 80 දක්වා තාවකාලික තද සුළං ද බලාපොරොත්තු විය හැකි බව කාලගුණ නිවේදනයේ දැක්වේ.

    Latest News