හබරකඩවත්ත UNP කාර්යාලයට ගිනි තබයි

නොවැ 12, 2019

    හෝමාගම හබරකඩවත්ත එක්සත් ජාතික පක්‍ෂ කාර්යාලයට අද අළුයම නන්නාඳුන පිරිසක් විසින් කටවුට්, බැනර් ගිනිතබා විනාශ කොට එම ස්ථානයට මල්වඩමක් තබා තිබේ.

    ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිස මෙම ගිනි තිබීම සිදුකොට ඇති බව වාර්තාවේ. ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපතිධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා දිනවීම සඳහා හබරකඩවත්ත කාර්යාලය පවත්වාගෙන යයි. සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.

     

     

    Latest News