ඉල් පුර පසලොස්වක පොහොය

නොවැ 12, 2019

    ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල්වූ ඉල් පුර පසලොස්වක පොහොය අදයි.

    බුද්ධත්වය ලැබීමෙන් පසු එළඹුණ පළමුවැනි වැසිසමය බරණැසෙහිම ගෙවා අවසන් කළ බුදුන් වහන්සේ, ප්‍රථම ධර්ම දූත සේවාව ආරම්භ කළේ, අද වැනි දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. මෛත්‍රී බෝසතාණන් වහන්සේ නියත විවරණ ලැබීම, තුන්බෑ ජටිලයන් මුණගැසීම සඳහා උරුවෙල් දනව්වට වැඩිම කිරීම මෙන්ම, සැරියුත් මහරහතන් වහන්සේගේ පරිනිවර්වාණය සිදුවුයේ ද අද වැනි ඉල් පොහෝ දිනකයි. අට මහා කුසල්වලට ගැනෙන කඨින චීවර පූජාව නිමාවෙන්නේ ද ඉල් පුර පසලොස්වක පොහොය දිනයෙනි.

    Latest News