යුද හමුදා මූලස්ථානය විකුණූ කොමිස් මුදලින් තංගල්ල බේ හෝටලය ගෝඨාභය මිලදී ගනී; පාඨලී

නොවැ 11, 2019

    යුද හමුදා මූලස්ථානය පිහිටා තිබූ ඉඩම විකිණිමේදී සිදුවූ වංචා, දූෂණ සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අද තොරතුරු රැසක් අනාවරණය කළා.

    ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. එහිදී අදහස් දැක්වූ පාඨලි චම්පික රණවක මහතා...

    “මේ රටේ ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට දී ඇති බලයක් තමයි ජනරජයේ ඉඩම් පැවරීමට ඇති අයිතිය. මේ බලය පාවිච්චි කරලා ඉඩම් පැවරීම ඔහු විසින් සිදුකර තිබෙනවා. ඉඩම් පවරණු, ඉඩම් විකුණනු කියන මහින්ද රාජපක්‍ෂ පොල්මක්කාර බලයට ඉඩම් ෂැංග්‍රිලා එකට විකුණුවා. මං කියනවා මහින්ද රාජපක්‍ෂගේ සේල්ස් රෙෆ්ලට මේ රජය බලයට පැමිණි පසු විදේශිකයන්ට එක් බිම් අඟලක් හෝ විකුණු බව ඔප්පු කරන්න කියලා. තවත් හෙක්ටයාර් 4.1ක් දෙවන ඔප්පුව මගින් ෂැංග්‍රිලාට පවරලා දුන්නා. මේ ඉඩම් පවරා දෙන්නේ 2010. හැබැයි නියම ඔප්පුව හදන්නේ 2010 දෙසැම්බර් 29 වැනිදා. මේ ඔප්පුවේ කප්පම අත්සන් කරන්නේ සිංගප්පුරුවේ. අත්සන් කරන්නේ කවුද ඩී පී එල් ආයතනය සහ ඇලියාඩ් කියන ආයතනය. මේ ඩී.පී.එල් කියන්නේ ගෝඨාභය රාජපක්‍ෂ සභාපතිත්තවය දැරූ මිහින් ලංකා ආයතනයේ උප සමාගමක්. ෂැංග්‍රිලා ආයතනයේ උප සමාගමක් තමයි ඇලියාඩ් ආයතනය. මේ සමාගම් දෙක අතර ගිවිසුමක් ගහනවා.

    මෙම ගිවිසුමෙන් රාජපක්‍ෂවරුන්ට ඩොලර් මිලියන 5ක් ලැබෙනවා. අද එහි වටිනාකම රුපියල් මිලියන 900ක්. ෂැංග්‍රිලා එකෙන් ඩොලර් මිලියන 5ක පගාවක් අරගෙන ලංකාවේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු හරහා ඒ මුදලින් තංගල්ලේ බේ හොටෙල් එක මිලදී ගන්නවා. මහින්ද රාජපක්‍ෂ මේවට උත්තර දිය යුතුයි. ගෝඨාභය රාජපක්‍ෂ මේවට උත්තර දිය යුතුයි. ශ්‍රී ලංකා යුද හමුදාව අවුරුදු 150ක් පවත්වාගෙන ගිය මූලස්ථානයෙන් එළියට ඇදලා දමා ජනාධිපතිතුමා කියන විධියට මිලියන 42ක් කුලිය ගෙවලා. යුද හමුදාව සරණාගතයින් බවට පත්කළා. ගෝඨාභය රාජපක්‍ෂ කියන්න ඕනේ මේක දේශපාලන චෝදනාවක්, නැත්නම් ඇත්තක්ද බොරුවක් ද කියලා. නිමල් පෙරේරා මහතා ඉෂාර නානායක්කාර මහතාත් කළ ප්‍රකාශ අප ළඟ තියෙනවා. කැබිනට් මණ්ඩල ප්‍රධානි හැටියට මහින්ද රාජපක්‍ෂ මහතා කිව්වා ලැබුණු රුපියල් මිලියන 8552න් තමයි යුද හමුදා මූලස්ථානය හදන්නේ කියලා. ඒ අතර ඒකේ අස්සේ හංගලා පොඩි කෑල්ලක් ගැහැව්වා මුදිත ජයකොඩි කියලා කෙනෙකු පත්කරනවා වාස්තු විද්‍යාඥයෙකු හැටියට.

    මේ මුදලින් ඔහුට සියයට 1ක මුදලක් දෙන්න ඕනේ කියලා. මුදිත ජයකොඩි කියන්නේ රාජපක්‍ෂ පවුලේ ඥාතියෙක්. මේ ආරක්ෂක හමුදා මූලස්ථානය හදන්න යන මුදලින් සියයට එකක් ලැබෙනවා කියන්නේ ඒ මුදල තමන්ට ලැබෙනවා කියන එකයි. හමුදා මුලස්ථානය හදන එකට තමුන්ගේ කෙනෙකුත් ඇතුලත් කරගෙන ඒ ලැබෙන මුදලින් මල්වානේ ඉඩම් ගත්තාද කියන සැකය දැන් මතුවී තිබෙනවා. ඒක නිසා මේ රටේ යුද හමුදාවෙන් ගෝඨාභය රාජපක්‍ෂ සමාව ගන්න ඕනේ“ යැයි පාඨලි චම්පික රණවක මහතා පැවසීය.

    Last modified on සදුදා, 11 නොවැම්බර් 2019 21:23

    Latest News