ගෝඨාභය අමෙරිකන් නියෝජිතයෙක්; හරීන් ප්‍රනාන්දු (වීඩියෝ)

නොවැ 11, 2019

    එක්සත් ජාතික පක්‍ෂයේ මාධ්‍ය හමු කිහිපයක් කොළඹ දී අද පැවැත්විණ.

    මේ එහිදී පළවු අදහස් කිහිපයක්...

    අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා....

    “ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයගේ නම ඇයි ලැයිස්තුවේ නැත්තේ. ඇයි මේකට අමෙරිකානු තානාපති කාර්යාලය කතා නොකරන්නේ. ගෝඨාභය රාජපක්‍ෂ අමෙරිකන් නියෝජිතයෙක්. එහෙම නැත්නම් ඔත්තු කාරයෙක්. එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්‍ෂ අමෙරිකන් ඒජන් කෙනෙක්. සෝපා එක අත්සන් කරගන්න අමෙරිකන් තානාපති කාර්යාලය ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයව පාවිච්චි කරනවද. අපිට බැන්නට ඔය එම් සී සී කියන එක අත්සන් කරගන්න මහින්ද රාජපක්‍ෂ මහත්තයා කැබිනට් මණ්ඩලයට දාපු එක එම් සී සී එක අපි නෙමෙයි ගෙනාවේ. ඒක අත්සන් කරන්න මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එක අත්සන් කරන්න ගෝඨාභය රාජපක්‍ෂ අමෙරිකන් ඒජන්සියද? ඒක ලොකු ප්‍රශ්නයක්“ යැයි හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

    හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය.

    “දැන් වියත්මගේ ඉන්නවා සමහරක් අපි දන්නෙවත් නැති රංගන ශිල්පීන් හූ තිය තිය කෑගහනවා ටිකිරි කුමාරියි, ටිකිරි කුමරුයි ගගා ගගා. අනෙක් එක්කෙනා ලංකාවේ ඉන්න ප්‍රසිද්ධම රංගන ශිල්පියෙක්, විකට නළුවෙක් අවුරුදු 40ක් ලු කසාද බැඳලා. තව වෙනකම් සනීපාරක්‍ෂක තුවායක් දැකලා නැහැලු. ඕක තමයි මේ රටට වැරදිලා තියෙන්නේ. කොන්දක් තියෙන මිනිහෙක් නම් තමුන්ගේ කාන්තාවගේ, තමුන්ගේ භාර්යාවගේ , තමුන්ගේ දියණියගේ තියෙන අපහසුතාවන් තේරුම් ගන්න ඕනේ.

    Last modified on සදුදා, 11 නොවැම්බර් 2019 20:55

    Latest News