අවිධිමත් හෘද ස්පන්දනය පාලනය කිරීමේ නව ක්‍රමවේදයක්

නොවැ 10, 2019

    ඖෂධ භාවිතයකින් තොරව අවිධිමත් හෘද ස්පන්දනය නමැති රෝගී තත්වය පාලනය කිරීමේ නව ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ. ඒ සඳහා යොදා ගැනෙන්නේ, අධි තාක්‍ෂණික උපකරණයක්. අවිධිමත් හෘද ස්පන්දනය මුල්කර ගනිමින් සංකීර්ණ රෝගී තත්වයන් කිහිපයක් ඇතිවේ. හෘදය වස්තුවේ ස්පන්දනය අක්‍රමවත් වීමෙන් ලේ කැටි හටගන්නා අතර, ඒවා රුධිර නාල ඔස්සේ මොලයට ගමන් කිරීම නිසා ආඝාතය හෙවත් අංශභාග රෝගය හට ගැනීමේ අවදානමක් පවතී. එමෙන්ම හෘදය වස්තුව දුර්වලවීම ද තවත් රෝගී තත්වයක්.

    හෘද රෝඟ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා...

    “හෘද වස්තුවේ ස්පන්දනයේ වෙනසක් වෙනවා ඒඩ්‍රියර් ෆිබ්ලේෂන් කියලා. ස්පන්දනය තියෙන ලෙඩ්ඩුන්ට හෘද වස්තුව ඇතුලේ ලේ කැටි ගැහෙනවා. ලේ කැටි මොලයට ගිහිල්ලා අංශභාගය හැදෙනවා. අංශභාගය වළක්වන්න අපි ඒ ලෙඩ්ඩුන්ට දෙන්නේ බෝෆරින් කියන බෙහෙත. ඒ බෝෆරින් එක දෙන්නේ නැතුව අපිට පුලුවන් ඒ ලෙඩ්ඩු ජීවිත කාලයේම බෝෆරින් නැතුව යවන්න. හුඟක් අය ඒක ගන්න කැමති නැහැ මොලයේ ලේ ගැලීම් එන්න පුලුවන්. නහයෙන් ලේ ගැලීම් එන්න පුලුවන්. ඕන තැනකින් ලේ ගැලීම් එන්න පුලුවන්. හඳුන්වා දෙන ක්‍රමයෙන් ඒක ඩිවයිස් එකක් ඒක හාඩ් එක ඇතුලට දාලා වම් කර්නිකාවට, ඒ ලේ කැඩි ගැහෙන තැන වහලා දානවා. එතකොට වෙන්නේ ලේ කැඩි ගැහෙන එක නවත්වන්න. ලෙඩ්ඩුන්ට අසාමාන්‍ය ස්පන්ධනය තිබ්බත් ලේ තුනී වෙන්න නැති බෝෆරින් නැතුව ජිවිතය කාලයම ගෙනියන්න පුලුවන් කිසි ප්‍රශ්නයක් නැතුව“ යැයි හෘද රෝඟ විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පැවසීය.

    ඇම්ප්ලාස්ටර් ඇමුලට් නමැති නව උපකරණය හඳුන්වාදීම හා එය හෘදය ඇතුළු කිරීමේ සැත්කම් සිදුකිරීම කොළඹ ජාතික රෝහලේ හෘද රෝග චිකිත්සක අංශයේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ සහ ඉන්දීය හා ඔස්ට්‍රේලියානු වෛද්‍ය උපදේශකයින් කණ්ඩායමකගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණ. අවිධිමත් හෘද ස්පන්දනයෙන් පෙලෙන රෝගීන් සිව් දෙනෙකුට සැත්කම් සිදුකිරීම ද ඊයේ සිදු කෙරිණ. ඒ, ඔස්ට්‍රේලියාවේ රෝයල් පාක් රෝහලේ විද්‍යුත් භෞතික චිකිත්සකවේදී මහාචාර්ය වෛද්‍ය වින්සන් පෝල් සහ ඉන්දියාවේ බැංගලෝර්හි මනිපාල් රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය රංජන් සෙට්ටි යන වෛද්‍යවරුන් විසින්. මෙම ප්‍රතිකාර ක්‍රමය අද සිට සියලු හෘද රෝගීන්ට ලබාගත හැකියි.

     

    Last modified on ඉරිදා, 10 නොවැම්බර් 2019 20:23

    Latest News