සෙල්ලකතරගම වෙඩි තැබීමකින් අයෙක් මරුට

නොවැ 10, 2019

    සෙල්ලකතරගම, තණමල්විල මාර්ගයේ බෝගහ හන්දිය ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකුට පිහි ඇණුම් සිදුකර වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් තිබේ.

    මෙම සිදුවීම අද පස්වරු 4.45ට පමණ සිදුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. තුවාල ලැබූ අයෙකු කතරගම රෝහලට ඇතුලත් කර ඇත. සිද්ධියට සම්බන්ධ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, කතරගම පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

    Latest News