ජනාධිපතිවරණයේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනයට බස් රථ 1100ක්

නොවැ 08, 2019

    ජනාධිපතිවරණයේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනයට මැතිවරණ කොමිෂන් සභාව විසින් බස් රථ 1100ක් පමණ ඉල්ලුම් කර ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.

    එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පී.එච්.ආර්.ටී. චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කළේ මැතිවරණ කොමිෂන් සභාවේ එම ඉල්ලීම අනුව මෙම බස් රථ ලබාදීමට පියවර ගන්නා බවයි.

    ජනාධිපතිවරණය ලබන 16 වැනි දා පැවැත්වේ.

    Latest News