ගිනිගත්හේන වෙඩි තැබීමට එස්.බීගේ ආරක්ෂක නිලධාරීන් 2ක් අත්අඩංගුවට

නොවැ 07, 2019

    ඊයේ රාත්‍රී ගිනිගත්හේන ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතාගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුටව ගෙන තිබේ.

    ඒ ගිනිගත්හේන පොලීසිය විසින්. ඊයේ පස්වරු 7.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුවුණේ ගිනිගත්හේන පොලිස් වසමට අයත් පොල්පිටිය ප්‍රදේශයේ දී. එස්.බී.දිසානායක මහතා ගමන් ගත් රථයට පිරිසක් බාධාකර තිබේ. පසුව, පිටුපසින් පැමිණි රථයේ සිට ආරක්ෂක නිලධාරීන් ඔවුන්ට වෙඩි තබනු ලැබීය.

    වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු කරවනැල්ල රෝහලටද, සුළු තුවාල ලැබූ අනෙක් පුද්ගලයා ගිනිගත්හේන රෝහලට ද ඇතුළත් කෙරිණ. සිද්ධිය සම්බන්ධයෙන් පිස්තෝල දෙකක් පොලිස් බාරයට ගෙන ඇති අතර, වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී හිස් පතරොම් කොපු 3ක් ද සොයාගෙන තිබේ. පොලිස් කොස්තාපල්වරු දෙදෙනා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 07 නොවැම්බර් 2019 07:37

    Latest News