මිතුදම ශක්තිමක් කිරීමට කැපවෙනවා

නොවැ 29, 2018

    ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශවික සහයෝගීතාව ශක්තිමත් කර ගැනීම සඳහා දැඩි ලෙස කැපවී සිටින බව, ඉන්දීය රජය පවසයි.

    තමන් ක්‍රියා කරන්නේ, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා හා තෝරා ගැනීම් මත පදනම්ව බව ද ඉන්දියාව අවධාරණය කරයි. කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය එරට ආධාර යටතේ ක්‍රියාත්මක හදිසි ගිලන්රථ සේවාවේ ප්‍රගතිය ගැන නිවේදනයක් නිකුත් කර තිබේ.

    කෙටි කලකින් මේ සේවාව දිවයින පුරා ව්‍යාප්ත කිරීමට ආධාර ලබා දෙන බව, මහ කොමසාරිස් කාර්යාලය පවසයි. දැනටමත් පළාත් 7ක මේ සේවාව ඉතා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජය අපේක්ෂා කරයි. ඊට වැය කෙරෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 15කට අධිකයි. දැනට ගිලන් රථ 209ක් ඉන්දියාවෙන් ලබා දී තිබේ. සේවාව ක්‍රියාත්මක කෙරෙන්නේ, ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම හා අවශ්‍යතාව මත බව ද, ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    Last modified on බ්‍රහස්පතින්දා, 29 නොවැම්බර් 2018 10:26

    Latest News