අමෙරිකානු පුරවැසියෙකු පත්කර ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, අමෙරිකානු භීතියක් මවාපෑම හාස්‍යයට කරුණක් - ටිල්වින් සිල්වා

නොවැ 03, 2019

    තම පක්‍ෂ යේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස අමෙරිකානු පුරවැසියෙකු පත්කර ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, අමෙරිකානු භීතියක් මවාපෑම හාස්‍යයට කරුණක් බව, ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

    කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එහි ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව කියා සිටියේය.

    ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා...

    “ලංකාවේ කොළඹ ඉඳලා ත්‍රිකුණාමලය දක්වා හදන්න යන ආර්ථික කොරිඩෝව කියන එක දිගුකාලයක් තිස්සේ කරපු සැලැස්මක්. ලංකාවේ ආණ්ඩුව පහුගිය කාලයේ හැදුවා භෞතික සැලැස්ම කියලා එකක් හැඳුවා. ඒක හදන්න පටන් ගත්තේ 2011. ඒකාබද්ධ විපක්‍ෂ යේ ඉන්න අය දොඩවනවා තමන් දන්නවා මේ කරුණු ඔක්කොම එක ගොඩේ දාලා මොකක් හරි එකක් දාලා කියනවා. ඒ ගොල්ලන් හැම තිස්සේම බලන් ඉන්නේ එක්සත් ජනපද ආක්‍රමණයක් පිළිබඳව. එක්සත් ජනපදයේ පුරවැසිකම තියන කෙනෙක් මෙහෙට ගෙන්නගෙන පවුලේ කට්ටිය තවමත් එක්සත් ජනපදයේ පුරවැසිකම තියාගෙන පක්‍ෂෙය් සංවිධායකයත් එක්සත් ජනපදයේ පුරවැසියෙක් බවට පත්කරගෙන ඉන්න ගමන් එක්සත් ජනපදය පිළිබඳ රීතියක් මවන එක හරිම විහිළුකාරයි අපට තියෙන්නේ එහෙම එකක් නෙමෙයි අපට තියෙන්නේ එක්සත් ජනපදයේ ඇත්තෝ මොනවද ලංකාව ඇතුලේ ආර්ථික, සමාජ, යුදමයවලට මැදිහත් වෙන්නේ. ඒකට ඔවුන් විවිධ ඒවා පාවිච්චි කරනවා. අපේක්‍ෂකයොත් පාවිච්චි කරන්න පුලුවන් කියලා අපි හිතනවා“ යැයි ටිල්වින් සිල්වා මහතා පැවසීය.

    Latest News