ආරක්‍ෂක අංශ සාමාජිකයින්ගේ වැටුප හෝ දීමනාවක් වැඩි නොකළ ලේකම් ගෝඨාභයයි; රංගේ බණ්ඩාර

නොවැ 03, 2019

    මහින්ද රාජපක්‍ෂ මහතා යුද්ධයක් අවසන් වූ පසුත් ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ වැටුප රුපියල් 750කින් හෝ වැඩි කිරිමට නොහැකි වූ නායකයෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා පවසයි.

    එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්‍ෂ මහතා ද එම අයිතිවාසික වාර්තාවට හිමිකම් කියන බව රංගේ බණ්ඩාර මහතා තවදුරටත් කියා සිටියේය. ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්‍ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    පාලිත රංගෙ බණ්ඩාර-පා.ම.

    “අවුරුදු ගණනාවක් ගතවුණත් මේ ගොල්ලන්ට පුලුවන් වුණේ නැහැ මේ ආරක්ෂක අංශ සාමාජිකයින්ට විශේෂයෙන් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින්ට කිසිදු අන්දමක දීමනාවක් හෝ වැටුපක් වැඩි කිරීමට. මහින්ද රාජපක්ෂ මහත්තයා වේදිකාවේදී සරත් ෆොන්සේකා මහත්තයත් එක්ක එකට තරග කරන වේලාවේ හාමුදුරුවන් වහන්සේලා ආමන්ත්‍රණය කරමින් කිව්වේ අපේ හාමුදුරුවනේ මට නම් බැහැ රුපියල් දහ දාහකින් වැඩි කරන්න. මම රුපියල් දෙදහස් පන්සියයකින් පඩි වැඩි කරනවා. අන්තිමට රුපියල් 750කින් වැඩි කරන්න බැරිවුණා. යුද්ධය ඉවර වෙලා ඔවුන්ට එක වැටුපක් වැඩිකරන්න සමත් වුණේ නැති අදක්‍ෂම ලේකම්වරයෙක් විධියට ඉතිහාස ගතවෙන පුද්ගලයා තමයි ගෝඨාභය රාජපක්‍ෂ කියලා කියන්න පුලුවන්“ යැයි රංගේ බණ්ඩාර මහතා පැවසීය.

    රෝසි සේනානායක - කොළඹ නගරාධිපතිනි

    “යම් කිසි පවුලක ගැහැණු දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. මාසයට යන වියදම ගන්නකෝ සනීපාරක්‍ෂක තුවා ගන්න. අවම වශයෙන් රුපියල් 400ක් 500ක් අවශ්‍යයි. පවුලකට දරා ගැනිමේ ශක්තියක් තියෙනවද කියලා කියන්නකෝ. සනීපාරක්‍ෂක තුවා නොමිලයේ ලබාදීම ගැන මම සතුටට පත්වෙනවා. මේවාගේ සමාජයේ තියෙන බැරූරුම් ප්‍රශ්න හෑල්ලුවට ලක්කරන පොහොට්ටුවේ ඉන්න පිරිමි මං හිතන්නේ පොහොට්ටුවේ මේ වෙනකොට මැතිවරණ ප්‍රචාරක රැලිවලට සම්බන්ධවන පුරුෂ පාර්ශවයත් ඒ අයගේ කාන්තාවනුත් මෙදා සැරේ අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය දෙන්නට සූදානමින් සිටිනවා. හේතුව තමයි මේ රටේ විවේචනය කරපු පුරුෂ පාර්ශවය කාන්තාවන් කොච්චර අපහසු තත්වයකද මාස්පතා මුහුණ දෙනවද කියන එක තේරුම් අරගෙන ඉන්නවද කියන එකත් ප්‍රශ්නයක්“ යැයි රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.

    තිස්ස අත්තනායක මහතා...

    “ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා කියනවා ජනාධිපති අපේක්ෂකයා හැටියට මම අමෙරිකාව සමඟ කිසිදු ගිවිසුමකට එළඹෙන්න සූදානම් නැහැ කියලා. විමල් වීරවංශ හෝ වෙනත් බාහිර පාර්ශ්ව දාගෙන වේදිකාවල කතා කළාට කිසි අවස්ථාවක කියන්නේ නැහැ ගෝඨාභය රාජපක්‍ෂ මහතා අමෙරිකාව සම්බන්ධයෙන් ඔය තියන විරෝධතාවය හෝ ගැටලුවක් ගැන ගිවිසුමක් ගැන එතුමාගේ ස්ථාවරය. පැහැදිලිව අපි කියනවා ඒ නිසා ගෝඨාභය රාජපක්‍ෂ මහතායි මේක පැහැදිලි කරන්න ඕනේ. ඔවුහු අමෙරිකන් පුරවැසියෙකු වුණේ“ යැයි තිස්ස අත්තනායක මහතා පැවසීය.

    මේ අතර දෘෂ්‍යාබාධිත ජනතාව නියෝජනය කරමින්, දෘෂ්‍යාබාධිතයින් පිරිසක් ද සජිත් ප්‍රේමදාස මහතාට අද සිය සහයෝගය පළ කළේය. ඒ වොක්ෂොල්හි නව ප්‍රජතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී.

    Last modified on ඉරිදා, 03 නොවැම්බර් 2019 20:23

    Latest News