Update : එජාප නව සන්ධාන ගිවිසුම අත්සන් කෙරේ

නොවැ 01, 2019

    එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පක්ෂ එක්ව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ යටතේ සන්ධානගත වීමට අදාළ ගිවිසුමට අත්සන් තැබේ.

    එජාප නව සන්ධාන ගිවිසුම අත්සන් කිරීම අද - චන්ද්‍රකාත් එක්වන බව පැවසේ - (8:55)

    එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පක්ෂ එක්ව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ යටතේ සන්ධානගත වීමට අදාළ ගිවිසුම අද (01) අත්සන් කිරීමට නියමිතව තිබේ.

    අද පෙරවරුවේ කොළඹදී මෙම ගිවිසුම අත්සන් කිරීමට නියමිත බව, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

    මෙම සන්ධානය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පක්ෂ 12ක් පමණ එක්වීමට නියමිතයි.

    ඊට අමතරව සිවිල් සංවිධාන ද අද දිනයේ මෙම ගිවිසුම සඳහා අත්සන් කිරීමට නියමිත බව වාර්තා වේ.

    හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද අද දිනයේ මෙම සන්ධානය සමඟ එක්වීමට සැලසුම් කර ඇත.

    ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ විකල්ප කණ්ඩායමක් ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පිරිස මෙම සන්ධානයට එක්වීමට නියමිත බව වාර්තා වේ.

    මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සහභාගිවීමට නියමිතයි.

    Last modified on සිකුරාදා, 01 නොවැම්බර් 2019 11:29

    Latest News