නාය අවදානම් නිසා ඌව පරණගම පවුල් 7ක් ඉවතට

ඔක් 29, 2019

    ඌව පරණගම, ගල්ගේවත්ත ප‍්‍රදේශයේ නිවාස 05 ක් නාය යෑමේ අවධානමකට ලක්වීමෙන් එම නිවාස වල පදිංචි පවුල් 07ක සාමාජිකයින් 30 දෙනෙකු ගල්ගේවත්ත මුස්ලිම් පල්ලියේ තාවකාලිකව නතර කිරීමට කටයුතු කර තිබේ.

    මෙම නිවාස ආසන්නයේ වූ ඉවුරු කඩාගෙන ගොස් ඇති අතර නිවාස වල ඉරි තැලීම්ද දක්නට ලැබේ. නාය යෑම හේතුවෙන් ඒ ආසන්නයේ වූ විදුලි රැහැන් පද්ධතින්ටද හානි සිදුව තිබෙන අතර විදුලි බල මණ්ඩලයේ නිළධාරින් ඒවා යථාතත්වයට පත්කිරීමට කටයුතු යොදමින් සිටී.

    ඌව පරණගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා කළමණාකරණ ඒකකයේ නිළධාරින් පැමිණ නාය යෑමේ අවධානමට පත් ස්ථාන පරික්ෂා කිරීමෙන් පසු මෙලෙස පවුල් ඉවත් කිරීමට කටයුතු කළේය. මෙම පවුල් සදහා වියළි සලාකා ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට කටයුතු කර ඇතැයි, ඌව පරණගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා කළමණාකරණ ඒකකය පවසයි.

    Last modified on අඟහරුවාදා, 29 ඔක්තෝබර් 2019 15:46

    Latest News