පළාත් කිහිපයකට මිලිමීටර 100 ඉක්මවූ වැසි

ඔක් 29, 2019

    දිවයිනේ දකුණු දෙසින් නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති වායුගෝලයේ කැළඹිලි ස්වභාවය මේ වන විට අරාබි මුහුද දෙසට ගමන්කර, දිවයිනට නිරිත දිගින් වන මුහුදු ප්‍රදේශයේ පවතියි.

    එම කැලඹිලි ස්වභාවය තවදුරටත් වර්ධනය වෙමින් දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතියේ බලපෑමට යටත්ව දැනට පවතින වැසි තත්වය නැගෙනහිර, ඌව හා දකුණු පළාත්වලත්, පුත්තලම දිස්ත්‍රික්කයේත් අද දිනයේ ද තවදුරටත් පවතිනු ඇති. ත්‍රිතුණාමලය සිට හම්බන්තොට සහ ගාල්ල ඔස්සේ පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළුවීමට වැඩි ප්‍රවණතාවයක් පවතින අතර, මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    දකුණු,ඌව හා නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 100ත් 150ත් අතර තද වර්ෂාපතනයක් අපේක්ෂා කරයි. පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිලි මීටර 100ක පමණ තරමක් තද වර්ෂාපනතයක් ද ඇතිවිය හැකියි. දකුණු, ඌව,නැගෙනහිර,උතුර උතුරුමැද පළාත්වලත්,නුවරඑළිය,රත්නපුර,කළුතර හා මාතර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    Last modified on අඟහරුවාදා, 29 ඔක්තෝබර් 2019 09:27

    Latest News