ශ්‍රි ලංකාව විදේශ ශ්‍රමික උගුලක හසුවෙයි (විඩියෝ)

නොවැ 28, 2018
  • වැටුප් ආහාර පානීය ජල පහසුකම් ආදී මූලික පහසුකම් නොමැතිව වහල් සේවයේ ඉන්දියානු කුලී කම්කරුවන් 30 දෙනෙකු පමණ පිරිසක් වහාම තම මව් රටට යවන ලෙස රජයෙන් ඉල්ලීමක් කර සිටිති.

    මෙම පිරිස ගලේවෙල කටුපොත ප්‍රදේශයේ නිවසක නවතා සිටින අතර මේ දිනවල ඔවුන් පැමිණි කුලි සේවයෙන් ඉවත්ව වර්ජනයක නිරත වෙයි. ඔවුහු තිස් දෙනකු පමණ තරුණයන් කණ්ඩායමක්. ක්‍රිස්නා පවර් (krishna power) නැමැති ඉන්දියානු කොන්ත්‍රාත් සමාගමක් විසින් ඉන්දියාවේ ජාර්කාඩ් ප්‍රාන්තයේ සිට මෙරටට ගෙන්වා තිබේ.

    මේ වන විට මාස දෙකක පමණ කාලයක සිට වැටුප් ලබා නොදීම නිසි ලෙස ආහාර පාන නොමැති වීම පානීය ජලය නොමැතිවීම වැනි ගැටලු තුළින් ඔවුහු දැඩි අසීරුතාවයකට පත්ව සිටියි. මෙම ඉන්දියානු ශ්‍රමිකයන් මෙරටට පැමිණ මාස හයක පමණ කාලයක් ගත වී ඇත. තමන්ගේ එකම ඉල්ලීම වන්නේ හිග වැටුප් ලබා දී සිය මවු රටට යවන ලෙස බවයි ඔවුන් පවසන්නේ.

    ගලේවෙල ප්‍රදේශයේ අධි බලැති විදුලි රැහැන් ඇදීමේ කම්කරුවන් ලෙස ඔවුන් මෙරටට ගෙන්වා තිබෙන අතර එක් අයකුට ඉන්දියානු රුපියල් 600 ක මුදලක් පිරිනැමීමේ පොරොන්දුව මතයි ඔවුන් සේවයිට පැමිණ ඇත්තේ. කෙසේවෙතත් ඔවුන් සතුව වීසා බලපත්‍රයක් ගමන් බලපත්‍රයක් කිසිවක් නොමැති බවත් ඒ සියල්ල ක්‍රිස්නා පවර් නැමැති ඉන්දියානු කොන්ත්‍රාත් සමාගමේ නියෝජිතයකු සතුව පවතින බව ඔවුන් කියති.

    තමන්ට සිදුව ඇති අසාධාරණය පිළිබඳව ගලේවෙල පොලීසියට පැමිණිල්ලක් කළ බවත් පොලීසිය මැදිහත් වී කඩිනමින් තමන්ව යවන බව ප්‍රකාශ කළ ද කොන්ත්‍රාත්කරුවන් ඊට කිසිදු අවධානයක් දක්වා නැහැ.
    ගලේවෙල කටුපොත ප්‍රදේශයේ තරුණයන් තිදෙනකු සිටින බව තවත් ඉන්දියානු තරුණයන් රැසක් ස්ථාන ගණනාවක මේ ආකාරයෙන් සේවයේ යොදවා තිබේ. ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවක පිරිස් මෙහි ගෙන්වා විවිධ ස්ථානයන්හී විවිධ සේවාවන් වල නිරතව සිටිති.

    මෙම පිරිස භාරව සිටින ක්‍රිස්නා පවර් පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමේ වැඩ පාලක ලෙස කටයුතු කරන ඉන්දියානු ජාතිකයෙකු ද වේ. ඔහුට අප දුරකථනයෙන් කතා කොට මේ පිළිබඳව විමසීමේදී සිය ජංගම දුරකථනය ක්‍රියා විරහිත කිරීම විශේෂත්වයකි.

    මෙම තරුණියන් සියලුදෙනාම කියා සිටියේ රාත්‍රී කාලයේ බිම නිදා ගන්නා බවත් ආහාර පිසීම සඳහා එක මුට්ටියක් සහ තාච්චියක් පමණක් තිබෙන බවයි. නැවතී සිටින ස්ථානයේ පිහිටි අපිරිසිදු ලිදකින් සියලු ජල අවශ්‍යතාවයන් සපුරා ගැනීම සිදු කරති. උදේ 08 සිට, රාත්‍රී 10 - 12 දක්වා එක් අයකු සේවය කළ යුතු වෙයි.

    indian workers1 px 900 18 11 28

    indiya kamkaruwo 02jpg

     

    තමන්ගේ ගැටලුව ගැන අවධානය යොමු කොට වීදේශ ගමන් බලපත්‍ර සහ ගුවන් ගමන් ‍ප්‍රවේශ පත්‍ර සහ හිග වැටුප් ලබාදෙන්නැයි ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලීම් කර සිටිති.

    Last modified on බදාදා, 28 නොවැම්බර් 2018 17:13

    Latest News