2019 අතුරු සම්මත ගිණුමකට අනුඅමැතිය

නොවැ 28, 2018

    2019 වසරේ මුල් මාස 4 තුල රජයේ පොදු සේවාවන් පවත්වාගෙන යාමට රුපියල් බිලියන 1735ක අතුරු සම්මත ගිණුමකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි.

    අමාත්‍ය මණ්ඩල තොරතුරු දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ජාවේ දී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

    ලබන වසරේ මුල් මාස 4 සඳහා වූ වියදම් වෙනුවෙන් අතුරු සම්මත ගිණුමක් සැකසීමට පසුගිය වර අමාත්‍ය මණ්ඩලයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට අවසර ලබා දුන්නේය .අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අතුරු සම්මත ගිණුම සැකසීමෙන් පසු මෙවර අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ඉදිපත් කෙරිණ. 

    Last modified on බදාදා, 28 නොවැම්බර් 2018 17:14

    Latest News