නිවැරදි තොරතුරු ජනතාවට ගෙන ඒමේ සමාජ වගකීම ඉටු කරන්න; රෝහණ හෙට්ටිආරච්චි (වීඩියෝ)

ඔක් 28, 2019
  • පසුගිය ජනාධිපතිවරණයට සාපේක්‍ෂව මෙවර ප්‍රචණ්ඩ ක්‍රියා සහ ගැටුම් අවම මට්ටමක පවතින බව, ෆැපරල් සංවිධානය පවසයි.

    එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මාධ්‍යයට මේ බව කියා සිටියේය.

    ඒ පිළිබඳව අදහස් දක්වන රෝහණ හෙට්ටිආරච්චි මහතා...

    “විශේෂයෙන් පසුගිය ජනාධිපතිවරණයත් සමඟ මේ ජනාධිපතිවරණය යම් ආකාරයක සංසඳනය කළොත් අපට දකින්න තියෙන ප්‍රධාන කාරණා දෙකක් තමයි ගැටුම්කාරී, ප්‍රචණ්ඩකාරී තත්වයන් යම් ආකාරයකට අඩු වෙලා තියෙනවා. අවස්ථා 14කදී පමණයි ප්‍රචණ්ඩකාරී සිද්ධීන් අපට වාර්තා වන්නේ. රෝහල්ගතවීම් 10ක් පමණ වාර්තා වෙලා තියෙනවා. නමුත් රාජ්‍ය බලය හා රාජ්‍ය දේපොළ අවභාවිතා කිරිම දකින්නට තියෙනවා.
    රාජ්‍ය බලය භාවිතාවීම පිළිබඳව එක පාර්ශවයකට පමණක් චෝදනා එල්ලවුණේ. මෙවර මැතිවරණයේදී පාර්ශවයන් ගණනාවකට පළාත් සභා හා පළාත් පාලන ආයතන සම්පත් භාවිතා කිරීම දිගින් දිගටම වාර්තා වනවා. ඉදිරි කාලය තුල තොරතුරු තහවුරු කරගන්නට හැකියාව අපට ලැබුණොත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නට බලාපොරොත්තු වෙනවා. මේ වනකොට සමහර අපේක්‍ෂකයින් ජනතාව අතර නොසන්සුන්තාව ඇතිවන ආකාරයට ප්‍රකාශ නිකුත් කරමින් තිබෙනවා තමන්ගේ සමාජ මාධ්‍ය හරහා. මැතිවරණ කොමිෂන් සභාව මේ වෙනකොට දැනුවත් කරලා තියෙනවා. සමහර මාධ්‍ය ආයතන දේශපාලඥයන්ගේ ප්‍රකාශ විකෘති කරමින් සමාජගත කිරීම් වාර්තා වෙනවා. තොරතුරු වැරදි ලෙස අර්ථ ගැන්වීම හෝ විකෘති කිරීම්වලින් වැළකිලා නිවැරදි තොරතුරු ජනතාවට ගෙන ඒමේ සමාජ වගකීම ඉටු කරන්නැයි“ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

     

     

     

    Last modified on සදුදා, 28 ඔක්තෝබර් 2019 20:13

    Latest News