ගිනි අවියක් සමඟ මාට්ටු වු SLFP සංවිධායකට වසරකට පසු ඇප

ඔක් 28, 2019

    ගිනි අවි සමග අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිටි හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාවනැල්ල ආසන සංවිධායක ඉම්තියාස් කාදර් මහතා අද (28) කෑගල්ල මහාධිකරණය විසින් දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබේ.

    සිද්ධියට අදාළව නඩුව කැඳවූ අවස්ථාවේ කෑගල්ල මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

    ලක්ෂයක ශරීර ඇප දෙකක් සහ රුපියල් 25,000ක මුදල් ඇපයක් මත නිදහස් කරන ලෙසට නියෝග කළ විනිසුරුවරයා සැකකාර ආසන සංවිධායකවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ විදෙස් ගමන් බලපත්‍ර දෙක අධිකරණය වෙත භාරදෙන ලෙසටත් නියෝග කළේය.

    2018 වසරේ ඔක්තෝබර් 18 වැනිදා කෑගල්ල ඇස්ලි පිරිස් මාවතේදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ඉම්තියාස් කාදර් මහතා අත්අඩංගුවට ගෙන, කෑගල්ල අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප නොලැබ වසරකුත් සති දෙකක් බන්ධනාගාර ගතව සිටියේය.

    Latest News