උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමයේ ප්‍රධාන ජලාශ තුනක ඉදිකිරීම අවසන්

ඔක් 27, 2019

    බදුල්ල, මොණරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කවලට වාරි හා පානීය ජලය සැපයෙන උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමයේ ප්‍රධාන ජලාශ තුනක ඉදිකිරීම අවසන්.

    වාර්ෂිකව විදුලි ඒකක මිලියන 300ක් ද ඉන් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට නියමිතයි. මෙම ජලාශ ජනතා අයිතියට පත්කිරීම ලබන 30 වැනිදා සිදුකරන බව, ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ආචාර්ය සුනිල් ද සිල්වා මහතා පවසයි. මහවැලි ගඟේ අතු ගංගා දෙකක් වන උමා ඔය හා මාතැටිල්ලඔය, පුහුල්පොළ හා ඩයරඹා යන ප්‍රදේශවලදී හරස්කර ප්‍රධාන ජලාශ දෙකක් ඉදිකර තිබේ. එම ජලාශ දෙක කිලෝමීටර් 3.2ක් දිග උමඟක් ඔස්සේ යා කෙරෙන අතර ඩයරඹා ජලාශයේ සිට නැවත කිලෝ මීටර් 15.2ක උමඟක් ඔස්සේ කරඳගොල්ල ප්‍රදේශයේ ඉදිවන භූගත විදුලි බලාගාරයට යොමු කෙරේ.

    බලාගාරයෙන් පිටවන ජලය අලිකොටආර ජලාශයට යොමු කෙරෙන අතර, එම ජලය වම් හා දකුණු ඉවුරු ඇළ ඔස්සේ හඳපානාගල වැවට හා කුඩාඔයට යොමු කෙරේ. හඳපානාගල ජලාශ වේල්ල අඩි 12ක් උස්කර ඇති අතර එමගින් එහි ධාරිතාව පස් ගුණයකින් ඉහළ යන බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ව්‍යාපෘතියෙන් ගොවි පවුල් පහළොස් දහසකට අධික පිරිසකට සෙත සැලසෙන අතර කුඹුරු අක්කර පහලොස් දහසකට අධික ප්‍රමාණයක් යල-මහ දෙකන්නයේ වගා කළ හැකිවේ.

    Latest News