ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීම වැලැක්වූයේ තමන් යැයි විජයදාස රාජපක්‍ෂ බොරු කියනවා; වසන්ත නවරත්න බණ්ඩාර

ඔක් 25, 2019

    ඇවන්ගාඩ් සිද්ධියට හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීම වැලැක්වූයේ තමන් බවට, විජයදාස රාජපක්‍ෂ මහතා අසත්‍ය ප්‍රකාශ සිදුකරන බව, හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා පවසයි.

    ඔහු මේ අදහස් පළ කළේ, අද පැවති මාධ්‍ය හමුවකදී.

    “විජයදාස රාජපක්‍ෂයි, සුහද ගම්ලත් දෙන්නා බොහොම ලොකුවට කිය කිය යනවා කණිෂ්ට නිලධාරියෙක්, නිතිපතිටයි, සොලිසිටර් ජනරාල්ටයි කියන්නේ නැතුව ගෝඨාභය රාජපක්‍ෂ අත් අඩංගුවට ගන්න හැදුවයි කියලා. අමූලික බොරුවක් කියනවා සොලිසිටර් ජනරාල් දන්නේ නැතුව වාර්තාවක් ඉදිරිපත් කළා කියලා ගෝඨාභය රාජපක්‍ෂ අත් අඩංගුවට ගන්න. මම නීතිපතිට යවපු වාර්තාවේ සැකකරුවෝ පස් දෙනෙක් ඉන්නවා. පළමු වැනියා නිශ්ශංක සේනාධිපති, මංජුල කුමාර යාපා, ගෝඨාභය රාජපක්‍ෂ, ඩී.එම්.එල්. ජයරත්න, පාලිත ප්‍රනාන්දු. කවුරුත් දන්නවා වල් ඌරෙක් මරන්න ගල්කටස් එකක් අතේ තියාගෙන හිටියොත් ඒකට අත්අඩංගුවට අරගෙන හිරේ දානවා. ලයිසන් එකක් නැතුව ගිනි අවියක්, පුපුරණ ද්‍රව්‍යයක් පාවිච්චි කරන්න බැහැ. කිසිම ලයිසන් එකක් නැතුව ගිනි අවි තුන්දාහකට වැඩි ප්‍රමාණයක් තිබුණා. විජයදාස රාජපක්‍ෂ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පාවලා දෙමින් ඔහු මහා වීරයෙක් හැටියට ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවෙන් බේරගත්තා තැනැත්තා කියලා බොරුවක් කියනවා“ යැයි වසන්ත නවරත්න බණ්ඩාර මහතා පැවසීය.

    Latest News