නැගෙනහිර පාළාත සඳහා නව හෝටල් පාසලක්

ඔක් 25, 2019

    ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරයේ නව හෝටල් පාසලක් විවෘත කිරීමේ උත්සවය ඊයේ (24) ත්‍රිකුණාමලය නිලාවේලිහි දී කර්මාන්ත හා වාණිජ කටයුතු - දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම - සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

    නැගෙනහිර පළාතේ තරුණ තරුණියන්ගේ වෘත්තීය නිපුණතාවය ඔපනන්වා ගැනීමට මෙම නව හෝටල් පාසල උපකාරී වනු ඇතැයි, අමාත්‍යවරයා පැවසීය.

    මෙම නව හෝටල් පාසල ඉදිකිරීමට රුපියල් මිලියන 165ක මුදලක් වැය වී ඇත.

    මේ පාසල තුළ මේ වන විට පුහුණු පාඨමාලා 4ක් ආරම්භ කර ඇත.

     

    • National Certificate - Baker - NVQLevel - III
    • National Certificate - Cook - NVQ Level - III
    • National Certificate - Room Attendant - NVQLevel - III
    • National Certificate - Waiter / Steward - NVQLevel - IV

    මෙම සියලු පාඨමාලා මගින් සිසුන් සියයකට ආසන්න පිරිසක් සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මගින් පාඨමාලා හැදෑරීමේ පහසුකම් සලසා දී ඇත.

    Latest News