විදේශ භාෂා සඳහා උපාධිධාරී ගුරුවරු බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය

ඔක් 25, 2019

    රජයේ පාසල්වල විදේශ භාෂා ඉගැන්වීම වෙනුවෙන් උපාධිධාරී ගුරුවරුන් බඳවා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය.

    මෙරට පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ විදේශ භාෂා ඉගැන්වීමේ අවස්ථා පුළුල් කිරීම සදහා පාසල් විෂය මාලාව තුළ විදේශ භාෂා ඉගෙනීම ප්‍රචලිත කිරීම, විදේශ භාෂා උගන්වන පාසල් සංඛ්‍යාව ඉහළ නැංවීම, දැනටමත් පාසල් තුළ ස්ථාපිත කර ඇති භාෂා විද්‍යාගාර ඵලදායී ලෙස භාවිත කිරීමට ඉඩ ප්‍රස්ථා සලසා දීම, භාෂා සම්බන්ධයෙන් තෘතීයික අධ්‍යාපන අවස්ථා වෙත සිසුන් යොමුකරවීම මෙම ගුරුවරුන් බඳවා ගැනීමේ අරමුණු අතර වී ඇත.

    වත්මන් ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රමුඛතාවන් සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීම සඳහා අධ්‍යාපනය තුළින් වැඩි දායකත්වයක් ලබාදීම කාලීන අවශ්‍යතාවක් බව හඳුනාගනිමින් අධ්‍යාපන අමාත්‍යතුමන් විසින් 2019-01-23 දින අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද සංදේශයට අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය ලැබීමෙන් පසු විදේශ භාෂා පාසල් තුළ ඉගැන්වීම වෙනුවෙන් ගුරුවරුන් 729 දෙනෙකු බඳවා ගැනීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ද මේ වනවිට ලැබී තිබේ.

    Latest News