ජපාන නව අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට ජනපති එක්වෙයි (වීඩියෝ)

ඔක් 22, 2019
  • ජපාන නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යය ලොව රටවල් 180කට අධික රාජ්‍ය නායකයන් හා ප‍්‍රභූවරුන් ඉදිරියේ අද (22) ටෝකියෝ නුවර ඉම්පීරියල් මාලිගයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

    ලොව රාජ්‍ය නායකයන් සමඟ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ද මෙම උලෙළට එක්වූ අතර බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු, බෙල්ජියමේ රජුවන පිලිප් කුමරු සහ ස්වීඩනයේ රජු, කටාරයේ එමීර්වරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහ 2000කට අධික ආරාධිත පිරිසක් ඊට එක්ව සිටියහ. නරුහිතෝ අධිරාජ්‍යයා, මසාකෝ අධිරාජිනිය සමඟ සම්ප‍්‍රදායානුකූලව රජ ඇඳුමින් සැරසී ඉම්පීරියල් මාලිගයේ ප‍්‍රධාන ශාලාවට පැමිණිමත් සමඟ උත්සවය නිල වශයෙන් ආරම්භ කෙරිණි.

    ජපානයේ අධිරාජ්‍යයා ලෙස සිටි අකිහිතෝ අධිරාජ්‍යයා වසර 30කට පසු ඉකුත් මැයි මාසයේ සිය ධූරයෙන් ඉවත් වූයේ 1817න් පසු එලෙස තම ධූරය අත්හරින ලද ප‍්‍රථම ජපාන අධිරාජ්‍යයා බවට පත්වෙමිනි. 2019 මැයි 01 වන දින ඔටුන්නහිමි කුමරුවනන රුහිතෝ ජපානයේ 126 වන අධිරාජ්‍යයා වශයෙන් පත්විය. නමුත් අද දින ටෝකියෝ නුවර පිහිටි රාජකීය මාලිගාවේ පැවති සාම්ප‍්‍රදායික උත්සවයෙන් අනතුරුව නරුහිතෝ අධිරාජ්‍යයා සහ ඔහුගේ බිරිඳ වන මසාකෝ අධිරාජිනිය නිල වශයෙන් එම තනතුරේ පිහිටි බවට ලොව හමුවේ ප‍්‍රකාශ කෙරිණි. අභිෂේක මංගල්‍යයෙන් අනතුරුව නව අධිරාජ්‍යයා විසින් රාජ්‍ය නායකයන් වෙනුවෙන් විශේෂ භෝජන සංග‍්‍රහයක් ද සංවිධානය කර තිබිණි.

    ජපානයේ අධිරාජ්‍යයා ලෙස සිටි අකිහිතෝ අධිරාජ්‍යයා වසර 30කට පසු ඉකුත් මැයි මාසයේ සිය ධූරයෙන් ඉවත් වූයේ 1817න් පසු එලෙස තම ධූරය අත්හරින ලද ප‍්‍රථම ජපාන අධිරාජ්‍යයා බවට පත්වෙමිනි. 2019 මැයි 01 වන දින ඔටුන්න හිමි කුමරුව වන රුහිතෝ ජපානයේ 126 වන අධිරාජ්‍යයා වශයෙන් පත්විය. නමුත් අද දින ටෝකියෝ නුවර පිහිටි රාජකීය මාලිගාවේ පැවති සාම්ප‍්‍රදායික උත්සවයෙන් අනතුරුව නරුහිතෝ අධිරාජ්‍යයා සහ ඔහුගේ බිරිඳ වන මසාකෝ අධිරාජිනිය නිල වශයෙන් එම තනතුරේ පිහිටි බවට ලොව හමුවේ ප‍්‍රකාශ කෙරිණි. අභිෂේක මංගල්‍යයෙන් අනතුරුව නව අධිරාජ්‍යයා විසින් රාජ්‍ය නායකයන් වෙනුවෙන් විශේෂ භෝජන සංග‍්‍රහයක් ද සංවිධානය කර තිබිණි.

     

    Last modified on අඟහරුවාදා, 22 ඔක්තෝබර් 2019 19:52

    Latest News