සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් ස්ථාපිත කිරිම ආණ්ඩුවේ මීලඟ ඉලක්කයයි - අගමැති (වීඩියෝ)

ඔක් 22, 2019

    මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ගනු ලබන යෝධ පියවරක් ලෙස ජාතික සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් ස්ථාපිත කිරිම ආණ්ඩුවේ මීලඟ ඉලක්කය බව පැවසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම සෞඛ්‍ය රක්ෂණය හරහා රටේ සියලු දෙනාට සෞඛ්‍ය සේවා ලබා ගැනිමේ පහසුකම හිමිවන බව පෙන්වා දුන්නේය.

    අද (22) දින බත්තරමුල්ලේ වොටර්ස්එජ් හිදි පැවැති ජාතික සෞඛ්‍ය පර්යේෂණ සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා තව දුරටත් පැවසුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් වෘත්තියවේදීන් මෙරට සෞඛ්‍ය පර්යේෂණ ක්‍රමවේද ඇතිකිරිමට නව සොයාගැනිම් හා අත්දැකිම් ඉදිරිපත් කරමින් තම සක්‍රිය දායකත්වය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

    රටේ අඩුවක්ව පවතින සෞඛ්‍ය පර්යේෂණ ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වීම අප විසින් ආරම්භකර තිබෙන වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යැමට පහසුවක් වනු ඇති බවද අගමැතිවරයා තව දුරටත් පෙන්වා දුන්නේය.
    මෙම අවස්ථාවට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුළු එම අමාත්‍යංශයේ නිලධාරීන් මෙන්ම ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලයේ අධ්‍යක්ෂ ජෙනරාල් බාල්රාම් භරගවා මහතා ඇතුළු වෛද්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන් රැසක් ද සහභාගි වී සිටියහ.

    Last modified on අඟහරුවාදා, 22 ඔක්තෝබර් 2019 19:41

    Latest News