මහින්ද රාජපක්‍ෂ මහත්තයයි, දයාසිරි මහත්තයයි ශ්‍රී.ල.නි.ප. අමු අමුවේ වැළලුවා; වික්ටර් ඇන්තනී (වීඩියෝ)

ඔක් 20, 2019

    සහරාන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිළි කරන බව, නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදී. එහිදී අදහස් දැක්වූ නලින් බණ්ඩාර මහතා...

    “රටට වගකියන ගෝඨාභය කියලා තමයි මම දැක්කා අද පත්තරවල දැන්වීම් දාලා තියෙනවා. මාධ්‍යවේදීන්ට එතුමා වගකිව්වා හොඳට. මාධ්‍ය ආයතන කීකරු නැත්නම් ඒවාට පහරදීමට ගිනිතියලා වගකිව්වා. තමන්ට විරුද්ධ මත දරණ ස්වාධීන මතධාරීන් අතුරුදන් කරලා වගකිව්වා. වැලිකඩ බන්ධනාගාරය රාජ්‍ය ත්‍රස්තවාදීන් යොදවලා බන්ධනාගාරය ඇතුලට ගිහිල්ලා තමන්ට විරුද්ධව නඩුවල සාක්ෂි දෙන්න තිබුණු පුද්ගලයෝ වෙඩි තියලා ඝාතනය කළා“ යැයි නලින් බණ්ඩාර මහතා පැවසීය.


    වික්ටර් ඇන්තනී පෙරේරා මහතා...

    “ලෝකේ කොහෙද අයියයි, මල්ලියි රට පාලනය කරන්නේ. දෙන්නම චෝදනා ලබපු අය. ජිනිවා සමුළුව පැත්තේ කිට්ටු වෙන්න බැහැ. මොකක්ද මේ කරන්න හදන්නේ. නැවතත් ජනතාව අමාරුවේ දාන්නයි මේ හදන්නේ. මහින්ද රාජපක්‍ෂ මහත්තයයි, දයාසිරි ජයසේකර මහත්තයයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අමු අමුවේ වැළලුවා. අපි උත්සාහ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ පාක්ෂිකයෝ හැටියට මේ වළදාපු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මිනිය අපි ගොඩගන්න ඕනේ“ යැයි වික්ටර් අන්තනි මහතා පැවසීය.

    Last modified on ඉරිදා, 20 ඔක්තෝබර් 2019 20:02

    Latest News