ආර්ථික පීඩනය සහ සමාජ අපරාධයන්ට කාන්තාව ලක්වෙලා; අනුර කුමාර (වීඩියෝ)

ඔක් 20, 2019

    ජාතික ජන බලවේගයේ කාන්තා සමුළුව කොළඹ, මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී අද පැවැත්විණ.

    සමුළුව පැවැත්වුණේ, “ගොඩනැඟෙන ඇගේ බල අපේක්‍ෂාව කරා“ යන තේමාව යටතේ එහිදී අදහස් දැක්වූ ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා...

    “ආර්ථික පීඩනය සහ සමාජ අපරාධයන්හි ප්‍රධාන වින්දිතයක් බවට පත්වී තිබෙන්නේ කාන්තාව. කිසිදු පාලකයෙක්, කිසිදු පාලනයක් මේ කාන්තාව කෙරෙහි දක්වන සැලකිල්ල හෝ ඇයගේ ජීවන තත්වය පිළිබඳව හෝ ඇයට ලබාදිය යුතු සමාජ ගෞරවය පිළිබඳව කිසිදු අවධානයකින් කටයුතු නොකරන බව තමයි දැන් අවුරුදු 10ක් 15ක් ඇතුළත පෙන්නුම් කර තිබෙන සත්‍යය. ලේබල් ගතවෙලා තියෙන්නේ විශේෂයෙන් මැදපෙරදිග කලාපයේ ගෘහ සේවිකාවන් පටවන රාජ්‍යයක් බවට.“ යැයි අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    Last modified on ඉරිදා, 20 ඔක්තෝබර් 2019 20:37

    Latest News