අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කරනවා; ගෝඨාභය රාජපක්‍ෂ (වීඩියෝ)

ඔක් 20, 2019

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, දිවයින පුරා මෙහෙයවන ජන රැලි මාලාවේ තවත් රැලියක් වැලිගම දී අද (20) පැවැත්විණ.

    එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා....

    “තොරතුරු තාක්‍ෂණය ඒ වගේම පරිගණක අංශයේ සමාගම් සමඟ සාකච්ජා කළාම ඒ අය දන්නවා අද ඩොලර් බිලියන එකක ආර්ථිකයක් විදේශ විනිමයක් ඒ අංශයෙන් ලබන්න. පහසුවෙන්ම මේක ඩොලර් බිලියන තුනකට, පහකට ගෙන එන්නට පුලුවන්. නමුත් ඒ අයගේ ප්‍රශ්නය තමයි පුහුණුව ලබපු ශ්‍රම නිපුනත්වය තියෙන ශ්‍රමිකයන් නැති කම. මේක අපිට කෙටි කාලයකදී පුහුණු කරන්න පුලුවන්. උසස් පෙළ සමත් වෙච්ච, සාමාන්‍ය පෙළ සමත් වෙච්ච දරු දැරියෝ මේවා තමයි මේ අංශයෙන් තමයි නිපුණත්වය ලබාගන්න ඕනේ. හොඳ රැකියාවක් ලබාගන්න පුලුවන්. අපේ ආර්ථිකය ඉදිරියට ගන්නට පුලුවන්. අපි මේ හේතුව හින්දම පළමු අවුරුද්දේ ඉඳලම අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කරනවා. විශේෂයෙන්ම උසස් පෙළ සමත් වෙච්ච සියලුම ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබාදෙනවා. සාමාන්‍ය පෙළ අසමත් වෙච්ච අයට අපට පුළුවන් නිපුණත්වයක් ලබාදෙන්න. නිපුණත්වයක් නැති රැකියාවල්වලට අඩු වේතනයකට යන්න එපා. අද විවිධ ක්‍ෂෙත්‍රයන්ගේ නිපුනත්වය ලබාගෙන හොඳ වේතනයක් ලබන්නට පුලුවන්. අපි කාර්මික විද්‍යාල, තාක්‍ෂණික විද්‍යාල හැම ගමකම ඇති කරන්න ඕනේ. ඒ හරහා තමයි අපි අනෙක් රටවලින් උදාහරණ ගන්නට ඕනේ. මේවා පහසු දේවල්, මේවා කරන්නට පුලුවන් දේවල්, මේවා ප්‍රායෝගික දේවල්“ යැයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

    Last modified on ඉරිදා, 20 ඔක්තෝබර් 2019 19:52

    Latest News