මුහුණු පොතෙන් සල්ලි ගරන අලුත් කල්ලියක්

ඔක් 13, 2019

    සංවිධානාත්මක කණ්ඩායමක් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය මගින් ජනතාව රවටා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

    සමාජ ජාලා ඔස්සේ ඇති කරගන්නා හිතවත්කම් මත ඔවුන් මෙසේ මුදල් වංචා කරන බව වාර්තාවේ. වගකිවයුතු ආයතනයකින් විමසීම් නොකර මුදල් හෝ ත්‍යාග ලබාගැනීම සඳහා මුදල් තැන්පත් කිරීමෙන් වළකින ලෙස පොලිස් මූලස්ථානය ජනතාවට දැනුම් දෙයි. ලොතරැයි දිනුම් ඇදීම හෝ ත්‍යාග ජයග්‍රහණය කර ඇති බව, ද්‍රව්‍යමය හා මුදල් ආධාර ලබාදීමට විදේශ කාන්තාවන් ලෙස අඟවමින් මෙරට මුදල් ආයෝජනයට සහය ඉල්ලීම හා ඉහළ වටිනාකමක් ඇති භාණ්ඩ රේගුව වෙත යොමු කිරීමට අඟවමින් මෙම සංවිධානාත්මක පිරිසක් මුදල් වංචා කරන බව වාර්තාවේ. එම දේපොළ හා මුදල් ලබාගැනිමට මුලික මුදලක් අවශ්‍ය බැවින් එම මුදල ඔවුන් සඳහන් කරන බැංකු ගිණුමක තැන්පත් කරන ලෙසට දැනුම් දෙන බවට තොරතුරු වාර්තා වී තිබේ. එබැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවට දැනුම් දෙයි.

    Latest News