ශ්‍රීලනිප සංවිධායකවරුන් අතර සාකච්ඡාවක් අද

ඔක් 04, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සියලුම දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන්ගේ හදිසි සාකච්ඡාවක් අද(04) පැවැත්වීමට නියමිත බව වාර්තවේ.

    ශ්‍රීලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡා අද දහවල් 12.00ට ආරම්භ වන බව එම පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කර ඇති බවද වාර්තාවේ. මෙම සාකච්ඡාවේ අරමුණ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ලබා ගැනිම බවද වැඩි දුරටත් වාර්තාවේ.

    ඒ අතර ශ්‍රීලනිපය ඉදිරි ජනාධිපතිවරණයේදී කටයුතු කරන ආකාරය පිළිබඳව අවසන් තීරණයක් ගැනිමේ අරමුණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව හෙට රැස්විමට නියමිතයි.

    Latest News