දුම්රිය ගැටලු විසඳීමේ විශේෂ සාකච්ඡාවක් අද

ඔක් 04, 2019

    වැටුප් විෂමතා විසඳන ලෙස ඉල්ලා 24 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 සිට දුම්රිය ස්ථානාධිපති නියාමක, රියදුරු පාලකවරුන් හා අධීක්ෂණ නිලධාරීන් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියමාර්ගයක් ක්‍රියාත්මක කරමින් තිබේ.

    අද (04) දිනයේදී වැඩ වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සහ රජයේ බලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙන අතර, එහිදී පිළිගත හැකි විසඳුමක් ලැබුණහොත් දුම්රිය වර්ජනය නවතා දැමීමටද සැලසුම් කර ඇත.

    වැටුප් ගැටලුව විසඳීමට රජයේ බලධාරීන් උත්සාහ කළ ද භාණ්ඩාගාර දෙපාර්තමේන්තු බලධාරීන් එම කටයුතු කඩාකප්පල් කරන බවද දුම්රිය සේවකයෝ සඳහන් කරති.

    මේ නිසා වැඩ වර්ජනය අඛණ්ඩව ගෙනයෑමට සිදුව තිබෙන බවද එම පිරිස් පෙන්වා දේ.

    Latest News