දුම්රිය සේවකයින්ට රජයෙන් රතු එළියක්

ඔක් 03, 2019

    දුම්රිය සේවය, අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අත්සන් කළ බව, රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

    “මේ වනවිට 8 වැනි දවසටත් දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වෙනවා. ඊයේ සවස මම ඔවුන් කැඳවලා සාකච්ජා කළත්, ඔවුන් මේ වැඩ වර්ජනය දිගටම ගෙන යන බව ප්‍රකාශ කළා. ඒ ඉල්ලීම් ඉටු කළොත් සමස්ත රාජ්‍ය සේවයේ පන් ලක්‍ෂ 19 දහසකට වැටුප් විෂමතාවක් ඇතිවෙනවා. මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවා දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා. ඊයේ දුම්රිය 12ක් ධාවනය කළා. අද දුම්රිය 15ක් ධාවනය කළා. සමහර දුම්රිය රියදුරන් වර්ජනය අතහැර සේවයට පැමිණෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. නමුත් වර්ජනය කරන සේවකයින් ඔවුන්ට බලපෑම් කරන බව ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඔවුන්ගේ බලපෑම් නිසා පොලිස් ආරක්‍ෂාවත් ඉල්ලනවා. ඒ ආරක්‍ෂාව අපි ලබාදීලා තියෙනවා“ යැයි අශෝක් අබ්සිංහ මහතා පැවසීය.

    කෙසේ වෙතත්, ඊයේ දිනයට සාපේක්‍ෂව අද දිනයේදී දුම්රියවාර වැඩි ගණනක් ධාවනයවූ බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් අදත් දැඩි අපහසුතාවට පත්වූහ.

    Latest News