තැපැල් ඡන්ද අයඳුම්පත් භාර ගැනීම අදින් අවසන්

ඔක් 04, 2019

    ජනාධිපතිවරණය සඳහා වන තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ කාලය අද (04) අවසන් වෙයි.

    අයඳුම්පත්‍ර භාර ගැනීම පසුගිය 30 වැනි දිනෙන් අවසන්වීමට නියමිතව තිබිණි.

    එහෙත් පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් සිදුවු අපහසුතා සැළකිල්ලට ගනිමින් තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ කාලය අද දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බවයි, මැතිවරණ කොමිසම පැවසුවේය.

    මේ අතර ඉදිරි ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම ලබන ඉරිදා දිනෙන් අවසන් වීමට නියමිතයි.

    එමෙන්ම නාමයෝජනා පත්‍ර භාර ගැනීම ලබන සඳුදා පෙරවරු 09.00 සිට පෙරවරු 11.00 දක්වා වන කාල සීමාව තුළ මැතිවරණ කොමිසමේ කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සිදුකිරීමට නියමිතයි.

    Latest News