දුම්රිය වර්ජනය තවදුරටත්

සැප් 30, 2019

    වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර තිබේ.

    දුම්රිය නියාමක සංගමයේ ප්‍රධාන ලේකම් පී.එම්.බී. පීරිස් මහතා කියා සිටියේ, බලධාරීන් සමඟ අද (30) පැවති සාකච්ජා අසාර්ථකවීම නිසා මෙම තීරණය ගත් බවයි. අද දිනයේ පිට පළාත්වල සිට දුම්රිය 10ක් කොළඹ කොටුව බලා ධාවනය කෙරිණ. කෙසේ වුවද, දිවයිනේ දුම්රිය ස්ථාන සියල්ලම පාහේ පාලුවට ගොස් තිබූ බව අප වාර්තාකරුවෝ පවසති. වර්නය නිසා තමන් දැඩි දුෂ්කරතාවට පත්වූ බව මගී ජනතාව පවසයි.

    දුම්රිය එන්ජින් රියදුරු සහයක සංගමය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබිණ. වර්ජනය පිටුපස දේශපාලන හස්ථයක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

    Latest News