පවුල් සැලසුම් අවධානය ගර්භනී සමයේදීම

සැප් 26, 2019

    ගර්භණී සමයේම පවුල් සැලසුම් පිළිබඳ තීරණයකට එළඹීමෙන් අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වාගත හැකි බව වෛද්‍යවරුන් පවසයි.

    තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේදී මාතෘ මරණ අවම කරගැනීමට ඉන් හැකියාව ලැබෙන බව ඔවුන් කියා සිටී. අදට යෙදී ඇති ලෝක පවුල් සැලසුම් දිනය නිමිත්තෙන් පැවති දැනුවත් කිරීමේ වැඩසටහනක දී මේ පිළිබඳ තොරතුරු හෙළි කෙරිණ. “සිඟිති සිනහවයි-සතුටු කැඳැල්ලයි“ මෙවර පවුල් සැලසුම් දිනයේ තේමාවයි. ගර්භණී සමයේ මවට මෙන්ම දරුවාට ද ආවේණික වූ අවදානම් පවතින බැවින් සියලු දරු උපත් සැලසුම් සහගතවීම වැදගත්.

    දරු උපත් අතර, නිසි පරතරය තබා ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු අතර, එය දරුවන්ගේ සහ පවුලේ යහපැවැත්මට මෙන්ම මවගේ සෞඛ්‍ය තත්වයට ද දැඩිව බලපාන බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි. අවම වශයෙන් වසර 3ක පරතරයක් පවත්වා ගැනීම අතිශය වැදගත්. දරුවන් අතර නිසි පරිතරය පවත්වා නොගැනීම නිසා නොමේරු දරු උපත්, මළ දරු උපත් සහ අඩු බර දරු උපත් සිදුවිය හැකියි. මෙය නීති විරෝධි ගබ්සාවලට ද හේතුවී තිබේ. දරු උපතකින් පසු සති 6ක් ඇතුළත පවුල් සැලසුම් ක්‍රමයක් ආරම්භ කිරීමට මීට පෙර උපදෙස් දී තිබිණ. ඇතැම් මව්වරුන්ට සති 6ක් ගතවීමටත් පෙර නැවත ගැබ් ගැනීම් සිදුවිය හැකි බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.

    Latest News