"රට වෙනුවෙන් එකට සිටිමු" බදුල්ලෙන් ඇරඹේ..(වීඩියෝ)

සැප් 23, 2019

    රට වෙනුවෙන් එකට සිටිමු දීප ව්‍යාප්ත සංවර්ධන වැඩසටහනේ 8 වැනි වැඩසටහන බදුල්ලේ දී අද ආරම්භ කෙරෙනවා.

    බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොඨාස 15ක් ආවරණය කරමින් ඇරඹෙන මෙම වැඩසටහන ලබන 28 වැනිදා දක්වා බදුල්ලේ දී පැවැත්වෙයි. ජනාධිපති ලේකම් කාර්යාලය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුවයි.

    බණ්ඩාරවෙල,බදුල්ල,හාලිඇල,මහියංගනය,ඌව පරණගම,හපුතලේ,මීගහකිවුල,වැලිමඩ,හල්දුම්මුල්ල,ඇල්ල,පස්සර,ලුණුග,සොරණාතොට,කන්ඳකැටිය,රිදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කේන්ද්‍රකර ගනිමිනුයි ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ. ඒ, එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නොවිසඳුනු ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමටයි. ජනපතිට කියන්න ජංගම සේවා වැඩසටහන තුළින් එහි ජනතාවට තම ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම හා ඒවාට විසඳුම් ලබාගැනීමට හැකිවීම මේ වැඩසටහනේ විශේෂත්වයයි.

    Last modified on සදුදා, 23 සැප්තැම්බර් 2019 20:41

    Latest News