මැතිවරණ නිලධාරීන් හා දේශපාලන පක්‍ෂ නියෝජිතයන් අතර සාකච්ජා

සැප් 17, 2019

    මැතිවරණ කොමිසමේ නිලධාරීන් හා දේශපාලන පක්‍ෂ නියෝජිතයන් අතර සාකච්ජාවක්, රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී අද (17) පැවැත්විණ.

    මැතිවරණ කොමිසමේ නිලධාරීන් එහිදී සියලු පක්‍ෂවලින් අදහස් ලබාගත් බව වාර්තාවේ. ජනාධිපතිවරණය පැවැත්වෙන දින වකවානු පිළිබඳව එහිදී සාකච්ජා වී තිබේ. නොවැම්බර් 10 සහ දෙසැම්බර් 07 අතර දිනක ජනාධිපතිවරණය පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත්, නොවැම්බර් 15 හෝ 23 යන දිනවලින් එක් දිනයක ජනාධිපතිවරණය පැවැත්වීමට වැඩි ඉඩක් පවතින බවත්, මීට එක්වූ දේශපාලන පක්‍ෂ නියෝජිතයින් ප්‍රකාශ කළේය. මැතිවරණ පැවැත්වීමට අදාළ නීති-රීති ආදිය පිළිබඳව ද එහිදී සාකච්ජා කර තිබේ. පරිසර හිතකාමී සහ ප්‍රචණ්ඩත්වයෙන් තොර මැතිවරණයක් සඳහා අදහස් ලබාගැනීම ද සිදු කෙරිණ.

     

     

    Latest News