හිටපු ජනපති දිවංගත ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 113 වැනි ජන්ම දිනය සැමරේ

සැප් 17, 2019

    මෙරට පළමු විධායක ජනාධිපති දිවංගත ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 113 වැනි ජන්ම දිනය අදට යෙදී තිබේ.

    ඔහු, ශ්‍රී ලංකාවේ බිහිවූ කෘතහස්ත දේශපාලඥයෙකු ලෙස සැලකේ. 1943 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් ජේ.ආර්.ජයවර්ධන මහතා, අමාත්‍ය ධූර රැසක් හෙබවූවා. ඔහු මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූයේ 1978 වසරේදී. නිදහස් වෙළෙඳ කලාප ස්ථාපනය සහ කඩිනම් මහවැලි ව්‍යාපෘතිය ඔහුගේ නායකත්වයෙන් මෙරටට දායාද කෙරුණු යෝධ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක්. සැන්ප්‍රැන්සිස්කෝ සමුළුවේදී ජපානයට සාමය උදා කිරීමට මූලිකත්වය ගත්තේ ද ජේ.ආර්.ජයවර්ධන මහතායි.

    1977 දී නිදහස් වෙළෙඳ පොළ ආර්ථිකයක් මෙරට ස්ථාපනය කිරීමෙන්, ශ්‍රී ලංකාව නව ආර්ථික ප්‍රවේශයකට යොමු කරනු ලැබීය.1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනු ලැබුවේ ද ජයවර්ධන මහතා විසින්.
    ජේ.ආර්. ජයවර්ධන ජන්ම දින සමරු උත්සවය කොළඹ ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ දී අද පස්වරුවේ පැවැත්විණ. ඒ කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම ද මෙහිදී සිදු කෙරිණ. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පවුලේ ඥාතීන් සහ මැති-ඇමතිවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News