පා.ම. තුෂාර ඉඳුනිල් නෙළුම් කුළුණේ වංචාවට පරික්ෂණයක් ඉල්ලයි

සැප් 17, 2019

    රණවිරුවන් ගැන කතා කරමින් රණවිරුවන්මතින් කවදත් බලයට එන්න උත්සාහ කළ මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම, අද රණවිරුවන් පාරට ඇදල දාමා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා පවසයි.

    යුද්ධය අවසන් වුනේ, 2009 දී, මොවුන් ආබාධිත වුණේ ඊට කලින්, ඒ අය ගැන රාජපක්ෂ ආණ්ඩුව 2015 වෙනකම් කිසිදු දෙයක් නොකළ බවයි ඔහු කියා සිටි. මේ රජය, රණවිරුවන්ගෙ වැටුප්, දීමනා, යුද්ධ හමුදාවේ කොමාන්ඩෝ දීමනාව පස් ගුණකියකින් රු. 1000 සිට රු. 5000 දක්වා වැඩි කළ බවත් තවදුරටත් කියා සිටියේය.

    2012 දී නෙළුම් කුළුණට ගිවිසුම් අත්සන් කළත්, ඒ දවස්වල ගෙවපු කෝටි 200 ක් අතුරුදහන් යැයි ජනාධිපති ප්‍රකාශ කලෙ යැයි පෙන්වාදුනි. රජයේ සංවර්ධන වැඩසටහන් සහ වර්තමාන උණුසුම් දේශපාලන තත්වය සම්බන්ධයෙන් අද(17) පැවති මාධ්‍ය හමුවක දී පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා මේ බව කියා සිටියේය.

    මෙම මැතිවරණ උණුසුමත් සමග එක්තරා කණ්ඩායමක් රණවිරුවන්ගේ කරමතින් දේශපාලන ගමනක් යෑමට කටයුතු කරමින් සිටිනවා. පසුගිය දවස්වල මේ අය කියනවා ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වුණාම මෙම රණවිරුවන්ගේ ප්‍රශ්නය විසදනව කියලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට පත්වෙනව ද කියලා අපි දන්නේ නැහැ. මේ අබාධිත රණවිරුවෝ මේ තත්ත්වයට පත්වුනේ 2009 යට ඉස්සර වෙලා, නමුත් අපේ රටේ යුද්ධය නිමා වුනේ 2009 ට ඉස්සර, එහෙම නම්, මේ අය 2009 සිට 2015 දක්වා මේ රණවිරුවන්ගේ ප්‍රශ්නයට කිසිදු විසදුමක් දීලා නැහැ.”

    යුද්ධය අවසන් වීමෙන් පසු පසුගිය රජය රණවිරුවන්ට සලකපු ආකාරය ගැන අදහස් දක්වමින් කියා සිටියේ, “යුද්ධයට සක්‍රීයව දායක වුණ රණවිරුවන්ට මොනව ද කළේ, මැති ඇමතිවරුන්ගේ බංගලා සුද්ද කරන්න දැම්මා, කොළඹ නගරයේ කාණු සුද්ධ කරන්න දැම්මා, රණවිරුවන් කුණු කාණු අදින්න දැම්මා, එවැනි නින්දිත නීච යුගයක් තිබුණා”

    2015 ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු මේ ආණ්ඩුව, රණවිරුවන්ට ලබාදුන් සහන සහ වරප්‍රසාද ගැන කතාකරමින් කියි සිටියේ, “ත්‍රිවිද හමුදාවල සාමාජිකයන්ගේ වැටුප් ඉහළ දැම්මා, ඒ වතරක්ද දීමනා වැඩි කළා, ඔවුන්ගේ පහසුකම් අපි වැඩි කළා, පසුගිය අය වැයෙන් ගෙවල් කුළී දීමනාව දෙගුණයක් කළා, කමාන්ඩෝ දීමනවා පස් ගුණයකින් වැඩි කළා (රු.1000 සිට රු. 5000 දක්වා), ඒ නිසා කමල් ගුණරත්නලා, ගොඨාභය රාජපක්ෂලා මේ රණවිරුවන් වෙනුවෙන් කිඹුල් කදුල් හෙළනවා, රණවිරුවෝ මේවා දන්නවා, මේ නිසා අපි උද්ඝෝෂණ කරන රණවිරුවන්ටය කියනවා, දේශපාලන න්‍යාය පත්‍රවලට කොටු නෙවී එම ප්‍රශ්නවලට විසදුම් හොයාගමු, ගොඨාභය රාපක්ෂලා 2015 ට පෙර නොවිසදපු ප්‍රශ්නය ගැන ඒ අයට කතා කරන්න අයිතියක් නැහැ. අපි මේ සියළු ප්‍රශ්න විසදීමට කටයුතු කරමින් සිටිනවා”

    ඊයේ දින නෙළුම් කුළුන විවෘත කිරීම සම්බන්ධව ද අසහස් පළකිරීමක් සිදු කළා, “සමහරු කියන විදියට පොහොට්ටුවේ ලාංඡනය කියලා කියනවා, කොහොම හරි අපි නෙළුම් කුළුන චීනයට ණය වෙලා සකස් කළා, මහින්ද රාජපක්ෂලාට අවශ්‍ය නම් ඉදිරියේදී එයාලගේ පෝස්ටර් ටිකත් ගහ ගනන්න පුළුවන්, ඒ සම්න්ධව ජනාධිපතිතුමා ඊයේ විශේෂ ප්‍රකාශයක් කළා, මෙම කුළුනට ගෙවන ලද රුපියල් කෝටි 200 ක අත්තිකාරම් මුදලක්, ආගිය අතක් නැහැ කිව්වා, බොහෝ මාධ්‍ය මේ පුවත වාර්තා කළේ එය මෙම අණ්ඩුව යටතේ සිදුවුණාය කියලා, නෙලුම් පොකුණට ගිවිසුම් අත්සන් කළේ 2012 වර්ෂයේ දී, එහිදී පාර්ෂව ගණනාවක් සමග ගිවිසුම් ගතවී තිබෙනවා, එහි දී ගිවිසුම් ගත වූ එක් සමාගමකට තමයි මෙම රුපියල් කෝටි 200 ගෙවලා තියෙන්නේ, මේ පිළිබඳව ජනාධිපති කොමිසමක් පත්කරළා මේ මේ පිළිබදව හොයන්න අවස්ථාව තියනවා.” යැයි පැවසුවා.

     

     

     

     

     

     

     

     

     

    Latest News