සංක්‍රමණික ලාංකිකයින්ට තීරුබදු සහන වාහන බලපත්‍ර කූට ලේඛණයක්: රැවටෙන්න එපා

සැප් 16, 2019

    විදේශයන්හි සේවය නිරත ශ්‍රී ලාංකිකයන්ට බදු සහන යටතේ වාහන මිල දී ගැනීමට බලපත්‍ර නිකුත් කරන බවට මුදල් අමාත්‍යංශයේ කූඨ ලේඛණ ලිපි යොමු කරණ බව මුදල් අමාත්‍යංශය පවසයි.

    මෙම ලිපි මුහුණුපොත (Face book) සහ වෙනත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සහ අනෙකුත් විවිධ මාධ්‍යයන් මගින් බෙදා හරිමින් සිදු කරනු ලබන වංචාවට නොරැවටෙන ලෙස මුදල් අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    විදේශයන්හි සේවය කරනු ලබන ශ්‍රී ලාංකිකයින් හට තීරුබදු සහන වාහන ලබාගැනීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ යෝජනාවක් මුදල් අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කර නොමැති බව අවධාරණය කෙරේ. එවැනි යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වන බවට කරනු ලබන සියළු ප්‍රචාරයන් මහජනතාව නොමඟ යවන සුළු හා ව්‍යජ ඒවා බව දැනුම් දෙනු ලැබේ.

    මුදල් අමාත්‍යංශයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව මගින් මහජනයා වෙත සපයනු ලබන එවන් සේවාවන් පිළිබඳව මහා භාණ්ඩාගාරයේ www.treasury.gov.lk නිල වෙබ් අඩවියේ විධිමත් පරිදි දැන්වීම් පළකරනු ලබන බැවින් තීරුබදු සහන වාහන පිළිබඳ සැබෑ තතු ඒ හරහා ලබාගත හැකිය.

    තවද, තීරුබදු සහන බලපත්‍ර නිකුත් කිරීමට එම සේවාවන් සඳහා කවර ආකාරයක හෝ මුදල් අයකිරීමක් සිදු නොකරන බැවින් මේ වනවිටත් මුදල් ගරන වංචා කාරයන් වෙත ඔබ යම් මුදලක් ගෙවා ඇත්නම් ඒ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කිරීමට පියවර ගන්නා මෙන් මහජනතාව වෙත කාරුණිකව දැනුම් දෙනු ලැබේ.

    Latest News