අගමැති, ජනපති කොමිසමට පැමිණිම ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණයක්; අමාත්‍ය අකිල (වීඩියෝ)

සැප් 16, 2019

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති පරීක්‍ෂණ කොමිසන් සභාවට අද උදේ සහ සවස පැමිණියේය.

    ඒ, 2015 වසරේ ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැලකෙන වංචා, ධූෂණ සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව නිකුත් කළ සිතාසියකට අනුව. අග්‍රාමාත්‍යවරයා අද ජනාධිපති පරීක්‍ෂණ කොමිසම වෙත කැඳවූයේ, කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යාමට, රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබාගැනීම සම්බන්ධ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා. මෙම අවස්ථාවට මැති-ඇමතිවරුන් ද එක්ව සිටියහ. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා....

    “කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉඩමක් ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ලැබුණු ඉල්ලීම මත එතුමා අග්‍රාමාත්‍යවරයා විධියට ඉදිරිපත් කළ යුතුව තිබෙනවා ඒ කැබිනට් පත්‍රිකාව. ඒ ඉදිරිපත් කරපුවා ප්‍රකාශ කළා. මම හිතන්නේ එය හොඳ ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණයක්. අග්‍රාමාත්‍යතුමා කොමිසන් සභා කිහිපයකටම කැඳෙව්වා. ඒ නිසා ඒ සඳහා සහභාගි වුණා. එතුමගෙන් විමසූ කරුණු සම්බන්ධයෙන් එතුමා උත්තර දුන්නා“ යැයි අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    Last modified on සදුදා, 16 සැප්තැම්බර් 2019 20:00

    Latest News