සජිත්ගෙන් තවත් ගම්මාන 4ක් (වීඩියෝ)

සැප් 15, 2019

    හම්බන්තොට මුලන්යාය ප්‍රදේශයේ ඉදි කෙරුණු උදා ගම්මාන 4ක් අද (15) ජනතා අයිතියට පත් කෙරිණ.

    එම ගම්මාන ඉදි කෙරුණේ සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ. “සතොස් මාතාගම“, “සිරිකත මව්ගම“, සසිරි මාගම“ සහ “සසෙස්මාතාගම“ යන උදා ගම්මාන ජනතා අයිතියට පත් කෙරුණේ, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙසේ ජනතා අයිතියට පත් කෙරුණේ 283, 284, 285 සහ 286 වන ආදර්ශ ගම්මානයි. එහි නිවාස සංඛ්‍යාව 77ක්. ඊට වැය කෙරුණු මුදල රුපියල් ලක්‍ෂ 840ක්. ඊට සමගාමීව පොදු සේවා රැසක් ද මෙහිදී ක්‍රියාත්මක කෙරිණ. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා....

    “අද පුවත්පතක් බැලුවත්, මාධ්‍යයක් දිහා බැලුවත්, රූපවාහිනියක් දිහා බැලුවත් අද කතා වෙන්නේ එකම එක කතාවයි. සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවද නැද්ද කියන කාරණාව. මම මේ අවස්ථාවේ පැහැදිලිවම කියන්න කැමතියි අනිවාර්්‍යෙයන්ම කවුරු මොන දේ කිව්වත්, කවුරු මොන බාධක දැම්මත්, සජිත් ප්‍රේමදාස මෙදා පාර ජනාධිපතිවරණයට අනිවාර්්‍යෙයන්ම ඉදිරිපත් වෙනවා යැයි කියලා මම ප්‍රකාශ කරනවා. මම දැනගෙන හිටියේ නැහැ මම දේශපාලනය කරනවාට ඔච්චර බයයි කියලා. මොකක්ද මේ බයට හේතුව. මම දන්නවා හේතු කිහිපයක් තියෙනවා. මං තරම් වැඩ කරන්න වෙන කාටවත් බැහැ. මං තරම් නිදිමරන්න වෙන කාටවත් බැහැ. මං තරම් දුක් විඳින්න වෙන කාටවත් බැහැ. සජිත් ප්‍රේමදාසට දුන්නොත් මොනවා වෙයිද? රට හැදෙයි නේද? අපිට වැඩිය වැඩ කරයි නේද? අපිට වැඩිය මහන්දි වෙයි නේද? මෙන්න මේ භීතිකාව තියෙනවා. මේ එළඹිලා තියෙන්නේ සජිත් ප්‍රේමදාසගේ කාලයයි කියන එක මම තමුන්නාන්සේලාට කියනවා“ යැයි අමාත්‍යවරයා පැවසීය.

    Last modified on සදුදා, 16 සැප්තැම්බර් 2019 12:23

    Latest News