ඉදිරි දින කිහිපයෙත් වැසි

සැප් 15, 2019

    දිවයින ආශ්‍රිතව දැනට පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපයේ දී ද තවදුරටත් පවතිනු ඇති බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර,සබරගමුව,දකුණ හා වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත්වේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ වැසි අපේක්ෂා කළ හැකියි. ඌව,නැගෙනහිර,උතුර,උතුරු මැද හා මධ්‍යම පළාත්වල අපරභාගයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගනී.

    ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ඉක්මවූ තද වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර 70-80ත් අතර තාවකාලික තද සුළං හටගනී. එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලික රළු විය හැකියි.

     

     

    Last modified on ඉරිදා, 15 සැප්තැම්බර් 2019 11:01

    Latest News