සමාජ මාධ්‍ය නිරීක්ෂණයට ජාතික මැතිවරණ කොමිසමෙන් උපදෙස්

සැප් 13, 2019

    ජනාධිපතිවරණ සමයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරන ලෙස ජාතික මැතිවරණ කොමිසම ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට දැනුම් දෙයි.

    මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අතර පැවති හමුවකදී මෙම දැනුම්දීම සිදු කර ඇත.

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම ඉලක්ක කර ගනිමින් ව්‍යාජ ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් දහස් ගණනක් නිර්මාණය කර ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කරයි.

    විවිධ පුද්ගලයින්ට අපහාස වන ආකාරයේ සටහන් මෙන්ම වෛරී ප්‍රකාශ සමාජ මාධ්‍ය වෙත නිකුත්වීමේ ප්‍රවණතාව ද ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති රජිව් කුරුවිටගේ මහතා කියා සිටී.

    Last modified on සෙනසුරාදා, 14 සැප්තැම්බර් 2019 09:54

    Latest News