ඇල්පිටිය තැපැල් ඡන්ද බාරගැනීම අද (13) මධ්‍යම රාත්‍රීයෙන් අවසන්

සැප් 13, 2019

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

    ඇල්පිටිය ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද හිමි මැතිවරණ රාජකාරිවල නිරතවන රාජ්‍ය නිලධාරීන් හා අත්‍යවශ්‍ය සේවාවල නිලධාරීන්, ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්‍ෂක සාමාජිකයන් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබයි. එම ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන 11 වැනි දිනයි. නාම යෝජනා ප්‍රතික්‍ෂේපවීම මත කල් තැබුණු ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම වහාම පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකට අනුව එම මැතිවරණය පැවැත්වේ. 2018 වසරේ ඡන්ද හිමි නාම ලේඛනය අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට 53,384 දෙනෙකු සුදුසුකම් ලබා සිටී.

    Latest News